මුහුදු සම්පත් වනසන ටෝලර් යාත්‍රා භාවිතය වහා නැවැත්විය යුතුයි-සුබ්‍රමනියන් ස්වාමි

මුහුදු සම්පත් වනසන ටෝලර් යාත්‍රා භාවිතය වහා නැවැත්විය යුතුයි-සුබ්‍රමනියන් ස්වාමි

මුහුදු සම්පත් වනසන ටෝලර් යාත්‍රා භාවිතය වහා නැවැත්විය යුතුයි-සුබ්‍රමනියන් ස්වාමි

කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 9:42 pm

COLOMBO (NEWS1ST) :  මුහුදු සම්පත් වනසන ටෝලර් යාත්‍රා භාවිතය වහා නැවැත්විය යුතු බවට වු සිය ස්ථාවරය ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතා තමන් වෙත පැවසූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ධීවර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධී කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයින් මුහුණ පා සිටින අසීරුතාවය තමන් හට වැටහෙන බව ද ස්වාමි මහතා පවසා ඇති බවයි.

ඉන්දීය ධීවරයින් කටයුතු පිළිබඳව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ස්ථාවරය එරට රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු කරන බව ද ස්වාමි මහතා මෙම හමුවේදී පවසා ති‌බේ.

ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ ධීවර අමාත්‍යවරයා සහ සුබ්‍රමනියන් ස්වාමි මහතා අතර අද සිදුවූ හමුවේදී ධීවර ගැටලුව පිළිබඳව අවධානය යොමු වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]