එන්නත් කාඩ්පත් ආශ්‍රිත ගැටලු ඉදිරියේදී බරපතළ වෙන එකක් නෑ – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

එන්නත් කාඩ්පත් ආශ්‍රිත ගැටලු ඉදිරියේදී බරපතළ වෙන එකක් නෑ – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

එන්නත් කාඩ්පත් ආශ්‍රිත ගැටලු ඉදිරියේදී බරපතළ වෙන එකක් නෑ – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 10:48 pm

COLOMBO (NEWS1ST) :  කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන සහතිකයේ වලංගු භාවය සම්බන්ධයෙන් ඇතැම් රටවලදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි, අද පැවැති මාධ්‍ය හමුවකදී හෙළි විය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, ඇතැම් වෙලාවට ලෝකයේ සියලුම රටවල් බලාපොරොත්තු වන තොරතුරු ඊට ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

‘එන්නත්කරණය පිළිබඳ සහතිකයක තිබිය යුතු ප්‍රධාන දේ තමා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව. ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයකට අවශ්‍ය අයට මේ එන්නත් පිළිබඳ සහතිකයක් ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. කාඩ්පතක් අපි ඒ ආකාරයෙන් පිළියෙල කළත් සමහර රටවල් ඒ රටවල්වලට අවශ්‍යයි කියලා හිතන තොරතුරු බලාපොරොත්තු වෙනවා”

කෙසේ වෙතත් යම් රටක් විශේෂයෙන් එවැනි තොරතුරක් ඉල්ලා සිටින්නේ නම්, එම තොරතුරු අඩංගු එන්නත් සහතිකයක් ලබා ගැනීමේ අපහසුතාවක් නොමැති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]