ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා අද ජනපති හා අගමැති හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා අද ජනපති හා අගමැති හමුවෙයි

ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා අද ජනපති හා අගමැති හමුවෙයි

කර්තෘ Staff Writer .

13 Oct, 2021 | 8:47 am

COLOMBO (NEWS1ST) : දින 5 නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට නියමිත ය.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, ඔහු බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිත බවයි.

මීට අමතරව ඉන්දීය හමුදා ප්‍රධානීයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ආසන්නයේ පිහිටි ඉන්දිය යුද හමුදා සෙබළුන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද සැලසුම් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසී ය.

ඉන්දිය යුද හමුදා ප්‍රධානියා අද දිනයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද හමුවීමට නියමිතව ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]