English
தமிழ்
කර්තෘ Staff Writer .
13 Oct, 2021 | 12:44 pm
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව ජනාදරයට පත්වූ ශ්‍රී ලාංකීය නව පරපුරේ යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කර දිවයිනට පැමිණියා ය.
ඇය මව්බිමට පැමිණියේ, ඊයේ රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙනි.
කටුනායක ගුවන් තොටුපළට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර ඇය ගුවන් තොටුපළෙන් පිටත්ව යන අවස්ථාවේදී විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබීම ද විශේෂතවයකි.
“මැණිකේ මගේ හිතේ ” ගීතයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරය ආදරය දිනාගත් යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්විය.
ඇය සති දෙකකට ආසන්න කාලයක් ඉන්දියාවේ රැඳී සිටි අතර එහිදී බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් ඇයට අවස්ථාව හිමිවිය.
එමෙන්ම යොහානි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සමග ඉන්දියාවේ අතිශය ජනප්‍රිය බිග් බොස් වැඩසටහනේ විශේෂ ආරාධිතයෙකු ලෙසත් සම්බන්ධ වූවා ය.
යොහානි ප්‍රතිනිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 150 ඉක්මවා ගොස් තිබේ.
07 Dec, 2023 | 06:42 AM
06 Dec, 2023 | 02:30 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS