සාගතයකට ඉඩ තියන්නේ නැහැ... මුදල් ඇමතිගෙන් සහතිකයක්

සාගතයකට ඉඩ තියන්නේ නැහැ.... මුදල් ඇමතිගෙන් සහතිකයක්

by Staff Writer . 12-10-2021 | 9:06 PM

COLOMBO (NEWS1ST) :  රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශකර තිබිණ. මුදල් අමත්‍යවරයා එහිදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි. අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිර්ක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ. ඔහු දැන්ම්දී ඇත්තේ , මුල් කාර්තුවේදී සාර්ථකත්වයක් පෙන්නුම් නොකරන ව්‍යාපෘති සදහා නැවත මුදල් ලබා නොදිමට ද පියවර ගන්නා බවයි.