by Staff Writer . 12-10-2021 | 7:38 PM
COLOMBO (NEWS1ST) : භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි මහතාද අද දහවල් දිවයිනට පැමිණියේ ය.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සමග නව රාත්‍රී උත්සවයකට සහභාගී වන ලෙස ලද ඇරයුමකට අනුවයි.
රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ගුවන් තොටුපළේදී සුබ්‍රමනියන් ස්වාමි මහතා පිළිගෙන තිබිණ.
ස්වාමි මහතා මීට පෙර ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වන වැඩසටහනකට එක්වෙමින් තමන් ජාතික ආරක්ෂාව පිළිබඳව දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර ගුවන් යානයේ සිට ගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිනුමේ ප්‍රසිද්ධ කරමින් සුබ්‍රමනියන් ස්වාමි මහතා රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ මන්නාරමට විහිදෙන රාම් - සේතු කොටස මෝදි අග්‍රාමාත්‍යවරයා ජාතික උරුම ස්මාරකයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් වළකින්නේ ඇයි දැයි ප්‍රශ්න කර තිබිණ.
මන්නාරම් දූපත්වල සිට ඉන්දියාවේ රාමේෂ්වරන් දක්වා ඇති මේ කොටස අප හඳුන්වන්නේ ආදම්ගේ පාලම ලෙසයි.
සුබ්‍රමනියන් ස්වාමි මහතා ඉන්දියාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කළ යුතු බවට යෝජනා කරන්නේ රාම් සේතු ලෙස ඔවුන් හඳුන්වන එම කොටසයි.