COLOMBO (NEWS1ST) : නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ එම ගින්න ඇති වූ අවස්ථාවේ නිවස අසල බීමත්ව නිදා සිටි පුද්ගලයෙකි.
ඔහු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
පසුගිය 07 වනදා රාත්‍රී ඇති වූ ගින්නෙන් එලෙස පිළිස්සී මියගොස් තිබුණේ, අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු , අවුරුදු 32ක් හා 55 ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකි.
නිවසේ ගින්න ඇති වීමට පැය කිහිපයකට පෙර අවුරුද්දක් වයසැති පිරිමි දරුවාගේ පළමු උපන්දිනය ද සමරා තිබිණ.
සබැඳි පුවත...