රටේ තියෙන්නේ මිනිස්සු කැරකෝප්පුවලට යවන රාජ්‍ය පාලනයක්ද ? - විපක්ෂ නායක

by Staff Writer . 12-10-2021 | 10:37 PM

COLOMBO (NEWS1ST) :  මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීම මිස මිනිසා මරා දැමීම නොවන බව   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ, අද (12) අනුරාධපුර, එප්පාවල කටියාවේ ගොවි බිම්වලට ගොස් ගොවි දුකට සවන් දීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි. එහිදී විපක්ෂ නායකවරයා  ප්‍රශ්න කර සිටියේ,  රට තුළ ක්‍රියාත්මක වන්නේ, ජනතාව කැරකෝප්පුවලට යවන රාජ්‍ය පාලනයක් ද? යන්නයි.
''මේ වගේ තත්ත්වයක් තුළ රට තුළ සාගතයක් නිර්මාණය වෙනවා පමණක් නෙමෙයි ළමා හා මාතෘ මන්දපෝෂණයත් වැඩි වෙනවා. මොනවද ප්‍රවෘත්ති සාකච්ඡාවල කියන්නේ, අනේ මේක නම් වැඩි කරන්න ඕන. තෙල් ටික වැඩි කරන්න ඕන. සිමෙන්ති වැඩි කරන්න ඕන. කිරි පිටි වැඩි කරන්නට ඕන. ගෑස් වැඩි කරන්නට ඕන. මේ වගේ අරාජික රටක් තුළ මේ වගේ කඩා වැටුණු ආර්ථිකයක් තුළ කොහොද මිනිස්සු ජීවත් වෙන්නේ. අපි අවබෝධ කරගන්න ඕන මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීම. මිනිසා මරා දැමීම නෙමෙයි. මේ ගොවි ජනතාවට පොහොර ටික නොදෙනවයි කියන්නේ රසායනික තේ පොහොර නෙදෙනවයි කියන්නේ කෙලින්ම හදනවා අදිවේගී මාර්ගයයක් ගොවි ජනතාවට මරණ මංචකය කරා යන්න. කැරකෝප්පුවට යන්න. මේ රටේ තියෙන්නේ මිනිස්සු කැරකෝප්පුවලට යවන රාජ්‍ය පාලනයක්ද ?''
  විපක්ෂ නායකවරයා එලෙස ගොවීන් හමුවීමට පැමිණියේ හිටපු අගමැති මහාමාන්‍ය ඩී .එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර ද දැක්වීමෙන් පසුවයි..