මුතුරාජවෙල ප්‍රශ්නගත ව්‍යපෘතිය ගැන විමර්ශනයක්...

මුතුරාජවෙල ප්‍රශ්නගත ව්‍යපෘතිය ගැන විමර්ශනයක්... ඉදිරි කටයුතුත් අත්හිටුවයි

by Staff Writer . 12-10-2021 | 9:53 PM

COLOMBO (NEWS1ST) : මුතුරාජවෙල අභය භූමියට අයත් දෑලතුර ප්‍රදේශයේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව නිව්ස් ෆස්ට් සිදු කළ අනාවරණයෙන් පසුව එම සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් ඇති අතර කුඩා වැවක්, ඇළ මාර්ග, ප්‍රවේශ මාර්ග, පාලම් ඇතුළු ඉදිකිරීම් කිහිපයක් ඒ තුළ දැනටත් සිදුකර තිබේ. තම ආයතනයෙන් ලබාගත් මූලික අනුමැතිය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව මේ පිළිබඳව කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ඔහු පැවසුවේ, අප සිදු කළ අනාවරණයෙන් පසු මෙම ව්‍යාපෘතිය පිළිබඳව පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කිරීම සඳහා අදාළ බලධාරීන්ට මේ වන විට උපදෙස් ලබා ඇති බවයි. අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරන තෙක් මෙම සංවර්ධනය ව්‍යාපෘතිය තාවකාලිකව නවතා ඇති බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් අප කළ විමසීමකදී සනාථ කළේ ය.