පෞ. අංශ සේවක විශ්‍රාම වයස ඉහළ දමන කෙටුම්පතට කැබිනට් අනුමැතිය

by Sagarika Chathumali 12-10-2021 | 11:58 AM

COLOMBO (NEWS1ST) :  පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, ඒ අනුව පනත ක්‍රියාත්මක වන අවස්ථාව වන විට වයස අවුරුදු 52 එළැඹ නොමැති සේවකයින් සියලු දෙනාගේම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ යන බවයි. මේ වනවිට පෞද්ගලික අංශයේ පවතින විශ්‍රාම වයස් සීමාව 55 වුව ද මෙරට ජනතාවගේ ආයු අපේකෂාව අවුරුදු 79 ඉක්මවා ගොස් ඇති බැවින් මෙම තීන්දුව ඉතා වැදගත් බව ද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.