by Staff Writer . 12-10-2021 | 8:12 PM
COLOMBO (NEWS1ST) : ග්‍රාමීය සංවර්ධනයට වෙන්කරන මුදල් ඇත්තටම ජනතාවට ප්‍රයෝජනවත් අයුරින් යොදවනවා ද?
නාවලපිටියේදී අද මේ ප්‍රශ්නය මතු කළේ, සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් විසිනි.
මේ ප්‍රශ්නය මතු කිරීමට හේතු වූයේ දැනටමත් නවීකරණය කර ඇති නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට ප්‍රදේශීය සභාව සූදානම් වන බව කියන සිද්ධියකි.
සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් විරෝධතාව පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයාත් එහි පැමිණි අතර එම අවස්ථාවේ ගැටුමක් ඇති විය.
ගැටුමෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත කෙරිණ.