මල්ලවපොර කළමනාකරු අතුරුදන් වීම ගැන ක්‍රීඩකයින්ගෙන් ප්‍රකාශ ගනී..

මල්ලවපොර කළමනාකරු අතුරුදන් වීම ගැන ක්‍රීඩකයින්ගෙන් ප්‍රකාශ ගනී..

මල්ලවපොර කළමනාකරු අතුරුදන් වීම ගැන ක්‍රීඩකයින්ගෙන් ප්‍රකාශ ගනී..

කර්තෘ Staff Writer .

12 Oct, 2021 | 11:26 pm

COLOMBO (News 1st) – 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්, අද(12) ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණි.

ඒ, තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තරගාවලිය අතරතුර අතුරුදන්වීම පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

පැය 5 කට අධික කාලයක් විශේෂ විමර්ශන ඒකකය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.

නොර්වේහි ඔස්ලෝ නුවර පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු සහභාගී විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]