සුදුළුෑණු වංචාව: තවත් සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

සුදුළුෑණු වංචාව: තවත් සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

by Staff Writer . 11-10-2021 | 10:23 PM

COLOMBO (NEWS1ST) :  සතොස සුදුළුෑණු වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති විමර්ශවලින් අනතුරුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.