COLOMBO (NEWS1ST) : ආර්ථිකය කළමනාකරණයෙන් අසමත් ආණ්ඩුව ඒ සඳහා හැකියාව අයට රට පාලනය කිරීමට ඉඩදිය යුතු බව විපක්ෂ නායකවරයා පවසයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ, රටට සැබෑ සෞභාග්‍ය උදා කිරීමට සමගි ජනබලවේගය සූදානම් බවයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ, විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව "ජන සුවය" ව්‍යාපෘතියේ 31 වැනි අදියර ලෙස තන්තිරිමලේ ප්‍රාදේශීය රෝහලට රුපියල් ලක්ෂ 20 ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරමිනි.
රජයට ආර්ථිකය පාලනය කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් හෝ සැළැස්මක් නොමැති බව ත් සාමාන්‍ය ජනතාව මත මහා ජීවන බරක් පැටවී ඇති බව ත් එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''මේ රජයට ආර්ථිකය පාලනය කිරීමේ කිසිම වැඩපිළිවෙළක් නැහැ. කිසිම සැළැස්මක් නැහැ. මේ රටේ ජනතාව වද විඳිනවා ඇති. ගොවියා අනාථ වෙලා ධීවරයා නන්නත්තාර වෙලා. සාමාන්‍ය ජනතාව මත මහා ජීවන බර පැටවිලා. අද දූදරුවන්ට අම්මලාට ලැබෙන ත්‍රීපෝෂ ටික ලැබෙනවා ද? ඒ ටිකවත් හරියාකාරව දීගන්න බැරි රටක අපි ඉන්නේ. ගෑස් මිල, කිරිපිටි මිල, සිමෙන්ති මිල වෙනත් භාණ්ඩවල මිල අහස උසට නගිනකොට රජය කියනවා නම් අපි මිල පාලනයෙන් ඉවත් වුණා කියලා ආර්ථිකය කළමනාකරණය කරන්නට මේ ආණ්ඩුව මොකටද කියන ප්‍රශ්නය ජනතාව අහයි. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා. වැඩ බැරිනම් වැඩ පුළුවන් අයට භාර දෙන්න. සමගි ජනබලවේගයේ අපි සූදානම් මේ රටට සැබෑ සෞභාග්‍ය සැමට සෞභාග්‍ය උදා කරන්න''