නිව් ෆෝට්‍රස් ගිවිසුමේ තවත් දිගුවක් හෙට අත්සන් කිරීමට නියමිත බව ල. වි.ම. ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය කියයි

by Staff Writer . 11-10-2021 | 10:45 PM

COLOMBO (NEWS1ST) :  අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමේ තවත් දිගුවක් හෙට අත්සන් කිරීමට නියමිත බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය අද (11) පස්වරුවේ අනාවරණ කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, නිව් ෆෝට්‍රස් සමාගමේ විධායක නිලධාරීවරයා හෙට මෙරටට පැමිණීමට නියමිත බව ට තොරතුරක් ලැබී ඇති බවයි. රන්ජන් ජයලාල් මහතා ආණ්ඩුවට අනතුරු අඟවා සිටියේ,  නිව් ෆෝට්‍රස් සමාගමත් සමග රටට හෙළිදරව් නොකර හොර රහසේ  අත්සන් කිරීමට සූදානම් වන ගිවිසුම කුමක්ද යන්න පිළබඳව හෙට උදෑසන වන විට හෙළිදරව් නොකළ හොත් දවල් 12.00 වනවිට විදුලිබල ක්ෂේත්‍රයේ ගන්නා ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳව තීන්දුවක් ගන්නා බවයි.