COLOMBO (NEWS1ST): තවත් කොරෝනා මරණ 23 ක් අද (11) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,354 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 12 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 11 දෙනා පිරිමි පුද්ගලයින් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 18 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (11) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
