හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

by Staff writer 09-10-2021 | 4:13 PM

COLOMBO (NEWS1ST) : හෙට(10) සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ වැසි අපේක්ෂිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද පළාත් වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යා හැකියි.