.webp)
1. නිවසේ පිහිටීම
''ගින්දර උඩින් විතරයි ආවේ යටින් පොඩ්ඩක් වත් තිබුණේ නෑ. ගින්දර බිත්තිය පුපුරාලා තිබ්බේ ඒකෙන් ආවා ගින්දර බිත්තිය පුරලා තිබ්බා බටේ දාලා තමයි බිත්තිය පෙරලගත්තේ, මුට්ටි තුනක් වගේ තමයි තිබ්බේ ඔළු තුන මෙතන දෙකයි අතන එකයි ගල ඇයින් කරද්දි පොඩි කෙනවා එයා පැත්තට මේවා වුණා''කෙසේ වෙතත් ගින්නක් හට ගැනීමට හේතුවිය හැකි ගෑස් කාන්දුවක් හෝ විදුලිය කාන්දුවක් ගැන තවමත් තහවුරුවූ සාක්ෂියක් නොමැත. එසේනම් නිවස තුළ ගින්න හටගත්තේ කෙසේ ද? තද නින්දේ පසුවුවත් මෙවැනි නිවසක් තුළ ගින්නක් හටගත් බව නිවැසියන්ට නොදැනුනේ කෙසේ ද?
2. ගින්න ඇතිවූ දිනයේ හැසිරීම්
අසල්වැසියන් පවසන ආකාරයට මේ නිවසේ ජීවත්වූ පිරිස සාමාන්‍යයෙන් නින්දට යන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ය. නමුත් උපන්දින සාදය පැවති දිනයේ ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් තිබූ බව අසල්වැසියෝ පවසති.''එයාලා නිදගන්නේ 11.00 ට විතරයි තමයි වැඩිය නිදාගන්නේ නෑ. සද්දේ ඇහෙනවා ගෙදර ඒ වුණාට හොඳට නිදි ගෙදර මොකුත් සද්දයක් ඇහුනේ නැහැ. ගින්දර එනවානේ ඒ වෙලාවෙත් සද්දේ මොකුත් නෑ''මිය ගිය 5 දෙනා වෙනදාට කලින් නින්දට ගියා ද?
2. මළ සිරුරු හමුවූ ස්ථාන ?
අසල්වසීන් පවසන පරිදී මීට පෙර එම නිවසේ ඇඳ මත නිදා ගන්නේ, දරුවන් දෙදෙනා සහ මව පමණක් වුව ද පෙරේදා රාත්‍රීයේ ගින්න ඇති වන විට මෙම ඇඳ මත සිව්දෙනෙකු නිදා ගනෙ සිට ඇත. පවුලේ සාමාජිකයන් 4 දෙනෙකු මිය යන අවස්ථාවේ එකම ඇඳක සිටියේ ඇයි? 3. උපන්දින සාදයට ගෙනා කේක් මේ උපන් දින සාදයට අවස්ථා දෙකකදී කේක් දෙකක් රැගෙනවිත් තිබේ. ඒ ඇයි? මියගිය නදියාගේ සොහොයුරිය ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා ය.''උදේම කෙක් එක අරං දීලා තියනවා. ඒ මහත්තයා ඇවිල්ලා අරන් දීලා තියනවා. ඒක බබා විනාශ කරලා තියනවා. එතකොට ඒ කේක් එපා කියලා හවස ගිහිල්ලා තාත්ත පුතයි. ගිහිල්ලා කෙක් එක අරං ඇවිල්ලා තියනවා. කවුරු කිව්වත් කේක් එක කෑවේ නෑ කියලා තමයි කියන්නේ අහනවා කෙක් කෑව ද? කෑව ද? කියලා බත් තමයි කාලා තියෙන්නේ කියලා කියනවා. ඔක්කමෙ එකවෙලාවට කාලා නිදියලා තියනවා. එක පාරට ඒක තමයි අපට සැකේ ඒ වෙලාවට නිදියගන්නේ නෑ කවුරුත්'' තාත්තා ගියා මේ ගෙදර අයියා ගියා. තාත්තා නම් මොනවා වත් කෑවේ නෑ. කිව්වා පොඩි එක්කෙනාට කේක් කෑල්ලක් කැව්වා කිව්වා. 7 - 8 අතර තමයි තාත්තා ගිහිල්ලා ආවේ ඊට පස්සේ කිසිම සද්දයක් මොකුත්ම ආවේ නෑ - අසල්වැසියෙක් මම උපන්දිනය දවසේ ආවා. ආවට පස්සේ උදෙන්ම ගෙනල්ලා තිබ්බ කේක් එක ළමයි දෙන්නා ඇගපුරාම ගාගෙන තිබ්බා. ඊට පස්සේ ඒගොල්ලො කිව්වා ළමයිනටත් දුවටත් ඔළුව රිදෙනවා කියලා. මම කිව්වා බෙහත් මොනවා හරි ගන්න කියලා ඊට පස්සේ මම කලින්ම ගියා - පවුලේ ඥාතියෙක්මේ අතර නිවසේ සිටි සුනඛයා ගතවූ දින දෙකේ හැසිරුණු ආකාරය ද අවධානයට ලක්විය යුතු කරුණකි. උපන්දින සාදයට ගෙනා කේක් ගෙඩිය හා එය ආහරයට ගත් අය ගැනත් විශේෂිත අවධානයක් යොමු විය යුතු නොවේ ද?
4. පවුලේ සබඳතා
පෙරේදා උපන්දිනය සැමරුවේ මියගිය නාදියාගේ දෙවන දරුවා ය. නාදියාට විවාහයන් දෙකකින් දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය මිය යන විට විවාහ වී සිටියේ උපන්දිනය සැමරූ දරුවාගේ පියා සමගයි.හැමදාම රණ්ඩු තමයි ගෙදර ඉන්න කොටත් එහෙම තමයි හිටියේ ඒ ගොල්ලෝ කථා කරනවා හැංගිලා හැංගිලා ඇවිල්ලා රෑට නදියාගේ හස්බන්ඩ් අපේ ගෙදර ඉන්නකොට දෙන්නම රණ්ඩු වෙනවා. රණ්ඩුවෙනකොට එයා කියනවා මරණ දානවා පුච්චලා දානවා කියලා - මිය ගිය නාදියාගේ සහෝදරියමේ සැකකටයුතු කරුණු පිළිබඳව නිශ්චිතව තහවුරු කළ හැක්කේ විධිමත් පරීක්ෂණයකිනි. පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.