දුම්වැටියට මිල සූත්‍රයක්..

දුම්වැටි මිල ඉහළ දාන්න සූත්‍රයක්..

by Staff writer 09-10-2021 | 5:32 PM

COLOMBO (NEWS1ST) : දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ මිල සූත්‍ර පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගෙන එය සකස් කළ බවය. මේ අතර , සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම මිල සූත්‍රය භාර දී තිබේ. එළැඹෙන අයවැය යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ බව ද වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ ය. 2022 වර්ෂයේදී මෙම මිල සූත්‍රයට අනුව මෙරට බහුලව විකිණෙන දුම්වැටියක් රුපියල් 4.00කින් පමණ ඉහළ යනු ඇති. එමෙන්ම 2026 දී මෙය තවත් රුපියල් 20 කින් පමණ ඉහළ යයි. මේ නිසා දුම්වැටි මිලදී ගැනීමට ඇති අපහසුතාවය නිසා දුම් පානය පහළ යනු ඇතැයි තමා විශ්වාස කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ ය.