COLOMBO (NEWS1ST) : චීන කාබනික පොහොර ගැටලුවට මෙරට චීන තානාපති කාර්යාලය මැදිහත්වී සිටී.
තානාපති කාර්යාලය පවසන්නේ, චින්දාවෝ සීවින් බයෝටෙක් ආයතනයේ පොහොර සාම්පලවලින් අර්විනියා හඳුනා ගනිමින් ශාක නිරෝධායන ආයතනය කළ හෙළිදරව්වට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.
රජයේ පොහොර ටෙන්ඩරය ලබාගත් සීවින් බයොන් ටෙක් සමාගම ජාත්‍යන්තරය පිළිගත් ඉහළම මට්ටමේ සමාගමක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි කීර්ති නාමයට ද මෙම අනාවරණයෙන් බලපෑම් එල්ල වූ බවයි.
අර්විනියා බැක්ටිරියාව හඳුනා ගැනීමට ජාත්‍යන්තර ශාක ආරක්ෂක සම්මුතියට අනුව දින 6 ක් ගතවන අතර මෙරට ශාක නිරෝධායන ආයතනය එම පර්යේෂණ දින 3 කින් නිම කර ඇතැයි, තානාපති කාර්යාලය පවසයි.
ඔවුන් අවධාරණය කරන්නේ මෙම සිද්ධියෙන් සමාගමට විශාල මූල්‍ය අලාභයකට ද මුහුණ දීමට සිදුව ඇති බවයි.
චීන පොහොර සාම්පල පරීක්ෂාව විවිධ මට්ටමින් සිදු කළ අතර එය දින තුනකින් පමණක් අවසන් නොකළ බව ජාතික ශාක නිරෝධායන සේවය අවධාරණය කරයි.
එම ආයතනය පවසන්නේ, මූලික පරීක්ෂණවලින් පසුව සිදු කළ පරීක්ෂණ තොරතුරුද අතුළත් සම්පූර්ණ වාර්තාව මේ වන විට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කර ඇති බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා පවසන්නේ, මේ පරීක්ෂණය නිසි ලෙස සිදු කර නොමැති බව පැවසීමට නිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.
''මේ පරීක්ෂණය හරියට කරලා නැහැ කියන්න කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. වගා මාධ්‍යවල වගා කරලා තියෙනවා. ඒ වගේම බැක්ටීරියා කොලනි වෙනම වෙනම අරගෙන ඒවට අවශ්‍ය වර්ණ ගැන්වීමේ පර්යේෂණ කරලා තියෙනවා. ඒ බැක්ටීරියාවන් බැසිලස් ද අර්වීනියාද කියන මූලික හඳුනාගැනීම කරන්න සියලුම සම්මත ක්‍රමවේදයන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අර්වීනියා කැරටකෝරා විශේෂය ද කියලා හඳුනාගන්න කරන කැරට් ඩිස්ක් ටෙස්ට් එක කරලා තියෙනවා''
තව ද ජාතික පැළෑටි නිරෝධායන සේවය යනු සුදුසුකම් සහිත විද්‍යාඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සේවය කරන ලොවම පිළිගත් රාජ්‍ය ආයතනයක් බව රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.
''ජාතික පැළෑටි නිරෝධායන සේවය කියලා කියන්නේ ලොවම පිළිගත් රාජ්‍ය ආයතනයක්.එහි සේවය කරන්නේ ඉතාමත් සුදුසුකම් සහිත විද්‍යාඥයින් සහ රාජ්‍ය නිලධාරීන්.ඉතින් ඔවුන් විසින් යම්කිසි විද්‍යාත්මක තොරතුරක් එළියට දෙන්නෙ ඒ සම්බන්ධයෙන් ප්‍රමිතිගත පරීක්ෂණයක් කිරීම මගින්.ඒ වගේම එම පරීක්ෂණ වාර්තා ඔවුන් රඳවාගෙන තිබෙනවා.මෙවන් චෝදනා පදනමෙන් තොරයි''