home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දු - ලංකා යුද හමුදා අම්පාරේ අභ්‍යාසයක..
by Staff writer
09-10-2021 | 6:39 PM
COLOMBO (NEWS1ST) :
ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති යුද හමුදා ඒකාබද්ධ අභ්‍යාසය මේ දිනවල අම්පාරේ ක්‍රියාක්මක වෙයි.
එහි ප්‍රායෝගික පුහුණු සැසියක් පෙරේදා අම්පාර නගරයේ පැවැත්විය. ත්‍රස්ත මර්දන කටයුතුවලට අමතරව අභ්‍යන්තර කැරළි කෝලාහල මැඩලීම ගැනත් එහිදී අභ්‍යාසවල නිරත වී තිබුණි. මේ අතර ඉන්දු - පැසිෆික් සාගර කලාපය ආශ්‍රිතවද මේ වනවිට ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් රැසක් සිදුවෙමින් තිබේ. පසුගියදා මෙරටට පැමිණි ජපාන නාවික ස්වයං ආරක්ෂක බලකායේ මුරසාමේ සහ කාගා යුද නැව් කොළඹ වරායෙන් පිටත්වී තිබුණේ ඉන්දීය නාවික හමුදාව සමග අරාබි මුහුදේ යුද අභ්‍යාසයක් සඳහා ය. ජිමික්ස් ටුවෙන්ටි වන් නමින් හඳුන්වන තුන්දින යුද අභ්‍යාසය ඊයේ (08) අවසන් විය. ජපාන යුද නැව් කොළඹට පැමිණියේ, මලක්කා සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු නාවික හමුදාව සමග තවත් අභ්‍යාසයක නිරතවීමෙන් පසුව ය. මේ අතර දකුණු චීන මුහුදේදී අමෙරිකානු නාවික හමුදාවේ පැසිෆික් බලගනයට අයත් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක සම්මැරීනයක් හඳුනා නොගත් යමක ගැටී අනතුරට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්තෝම්බර් 02 වැනිදා සිදුව ඇති මෙම අනතුරෙන් නාවිකයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවය. සබ්මැරීනයේ න්‍යෂ්ටික බලශක්ති තැන්පත් කොටසට හැනි සිදුව නොමැති බවත් සබ්මැරීනය ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ ඉන්දු පැසිෆික් නිදහස් ප්‍රවේශය ඉල්ලා සිටින රටවල් මේ දිනවල විවිධ ක්‍රියාකාරම්වල නිරතවෙමින් සිටී. මේ අතර තායිවානය පවසන්නේ , චීනය 2025 වනවිට තම රට ආක්‍රමණය කරනු ඇති බවය. නමුත් ඒ සඳහා චීනයට ප්‍රතිවිපාක විදින්නට සිදුවනු ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය