තේ වගාවට අවශ්‍යම රසායනික සංඝටක භාවිතයට ඉඩ..

තේ වගාවට අවශ්‍යම රසායනික සංඝටක භාවිතයට ඉඩ..

by Staff writer 09-10-2021 | 9:37 AM

COLOMBO (NEWS1ST) : තේ වගාව සඳහා අත්‍යවශ්‍ය ඇතැම් සංඝටක ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නයිට්‍රජන් ඌණතාවය සහ සමහර අත්‍යවශ්‍ය සංඝටක ඌණ වීම නිසා ගොවීන් මුහුණ දෙන අපහසුතාවයන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගෙත් ආණ්ඩුවෙත් අවදානය යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නම්‍යශීලීව මෙම පෝෂක ලබා දීම වෙනුවෙන් කටයුතු කරන්න තීන්දු කරනු ලැබුවා. දැනට විශාලතම හිඟය පවතින්නේ තේ වගාව සම්බන්ධව විශේෂයෙන්ම අවධානය යොමු කරේ. අවශ්‍ය පරිදි එම සංඝටක ලබා දීමටත් හිඟයකින් තොරව මේ පොහොර ලබා දීමටත් රජයට කටයුතු කරන්න වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ඨ කරමින් සිටින්නේ. වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා රසායනික පොහොර විතරක් නෙමෙයි රසායනික බෙහෙත් වර්ගත් අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අර්තාපල් වගේ දේවල්වලට බ්ලයිට් කියන රෝගයට තාම කාබනික බෙහෙතක් හොයා ගෙන නෑ. අලුත් බොහෙතක් හොයා ගන්නකන් මේක තාවකාලිකව ක්‍රියාත්මක කරන්න වෙනවා. කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා ඒ ගොල්ලම තමයි කිව්වේ රසායනික පොහොර එපා කියලා. දැන් ඒගොල්ලන්ම කියනවා රසායනික පොහොර ඕනෙලු. ඇයි මෙහෙම වෙන්නේ. මේ ආණ්ඩුව මේ තීන්දු තීරණ ගත්තේ විද්‍යාත්මකව හිතලා නෙමෙයි. මේ කතන්දර කියන්නෙත් ජනතාව ගැන හිතලා කර්මාන්තේ ගැන හිතලා එහි වටිනාකම ගැන හිතලා නෙමෙයි. දැන් එයාලට බයක් තියනවා තමන්ගේ ඡන්ද ගොඩ අඩු වෙයි කියලා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දැන් තේවලට රසායනික පොහොර ගේන්න තීන්දුවක් ගන්නවාලු, ගත්තලු. ඊට පස්සේ පිටරටින් දියර පොහොර ගේන්න ,තීන්දුවක් ගත්තලු. දැන් එතකොට කලින් කිව්වේ ඔක්කොම තියෙනවා කියලනේ. අඩුවක් නැහැ ,ප්‍රශ්නයක් නෑ කියලනේ. මොනවද මේ දෙබිඩි කතා?