පාලන මිල අවලංගුයි.... පිටි, කිරිපිටි සිමෙන්ති වැඩිවෙන හැටි..?

by Staff Writer . 08-10-2021 | 10:15 PM

COLOMBO (NEWS1ST) :  පාලන මිල ඉවත් කළ ගෑස්, කිරිපිටි , තිරිගු පිටි හා සිමෙන්ති ආනයනය කරන්නන් අද (08) මිල වැඩි වීමක් ඉල්ලා සිටි අතර අද වරින් වර පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට පැමිණි ආනයන සමාගම් මිල වැඩි කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කළේ ය.

ඒ අනුව තිරිගු පිටි ආනයන සමාගම් කිලෝ ග්රෑම් එකක් සඳහා ඉල්ලා සිටින මිලි වැඩිකිරීම රුපියල් 15 ත් 20 ත් අතර ප්‍රමාණයකි. කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 350 ක මිල වැඩිවීමක් සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 500 ක මිල වැඩිවීමක් සමාගම් ඉල්ලා සිටී. කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල වැඩි කිරීමේ ඉල්ලීම රුපියල් 200 කි. මේ අරත සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, පාලන මිල ඉවත් කළ ද අදාළ සමාගම් නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමේදී පිරිවැයට සාපේක්ෂව සාධාරණ ලාභයක් තබාගෙන මහජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
''එසේ සාධාරණ ලාභය කින් තොරව අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයකින් ලබා ගන්න කටයුතු කරනවා නම් නැවතත් පාරිභෝගික අධිකාරිය ඒ පනත ප්‍රකාරව අපි මිල පාලනය කරලා ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කරන්න කටයුතු කිරීමේ පදනම මතයි මෙම ගැසට් නිවේදන මගින් අපි පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළේ''