නුවරඑළියේ නිවසක ගින්නික් 5 දෙනෙක් මරුට

නුවරඑළිය, රාගලවත්තේ ගින්නකින් 5 දෙනෙකු මරුට : මියගිය පිරිස දරුවන් දෙදෙනෙකු ත්

by Sagarika Chathumali 08-10-2021 | 7:07 AM

COLOMBO (NEWS1ST) :  නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඊයේ (07) රාත්‍රී ඇති වූ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු පිළිස්සී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මිය ගිය පිරිස අතර වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකු අවුරුදු 32ක් හා 55 ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ තවත් අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු ද වන බවයි ගින්නට හේතුව මෙතෛක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පෙලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.