අවු.18 - 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර්

අවුරුදු 18 - 19 අතර පාසල් සිසුන්ට ලබන 21 වැනිදා සිට ෆයිසර් එන්නත..

by Staff writer 08-10-2021 | 11:58 AM

COLOMBO (NEWS1ST) : වයස අවුරුදු 18 - 19 අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබන 21 වැනිදා සිට ඔවුන්ගේ පාසලේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පාසල් නොයන වයස අවුරුදු 18-19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බවයි.