සයිනෝෆාම් ගත් ලාංකික ශ්‍රමිකයින්ට දැනුම් දීමක්..

සයිනෝෆාම් ගත් ලාංකික ශ්‍රමිකයින්ට බූස්ටර් ලෙස ෆයිසර් එන්නත ගෙන පැමිණෙන්නැයි කටාර් හා සෞදියෙන් දැනුම් දීමක්..

by Staff writer 07-10-2021 | 9:08 AM

COLOMBO (NEWS1ST): සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති ලාංකික ශ්‍රමිකයින්ට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර් ලබා ගෙන පැමිණෙන්නැයි කටාරය හා සෞදි අරාබිය දැනුම් දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ, මැදපෙරදිග සහ යුරෝපා රටවල රැකියා සඳහා යාමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති බවය. විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20,000 කට ආසන්නයි. ඒ අතරින් මුල් අදියරේදී ෆයිසර් එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව 8000කි. ඒ හේතුවෙන් සෙසු ශ්‍රමිකයින්ට අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ ය.