කාන්තා ක්‍රිකට් පිලේ පකිස්ථාන සංචාරය අවලංගුයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කෙරේ..

by Staff writer 07-10-2021 | 10:14 AM

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය අවලංගු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා උපුටා දක්වන විදෙස් වාර්තා පැවසුවේ, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණයේ සිදු වූ වෙනසක් නිසා සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් මෙම සංචාරය අවලංගු කර ඇති බවය. කෙසේ නමුත් 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එක්දින තරග 03කින් සමන්විත තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 15 වැනිදා පකිස්ථානය බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි.