ශ්‍රී ලංකා - ඕමාන් පළමු 20යි 20 තරගය අද

ශ්‍රී ලංකා - ඕමාන් පළමු 20යි 20 තරගය අද

by Staff Writer . 07-10-2021 | 9:44 AM

COLOMBO (NEWS1ST):  ශ්‍රී ලංකා සහ ඕමාන කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද(07) ආරම්භ වේ.

දෙරට අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත්ය. එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් සවස 4.00 ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය. දෙරට අතර දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වේ.