විදෙස්ගත වන සිසුන්ට ඩොලර් නිදහස් කරන්නැයි, උපදෙස්

විදෙස්ගත වන සිසුන්ට ඩොලර් නිදහස් කරන්නැයි, මහ බැංකු අධිපතිගෙන් උපදෙස්

by Staff Writer . 07-10-2021 | 7:39 PM

COLOMBO (NEWS1ST) :  අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන සිසුන් සඳහා ඩොලර් නිදහස් කරන්නැයි, සියලු බැංකුවලට උපදෙස් දුන් බව, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. උපායමාර්ගික නොවන ඌන උපයෝගී සම්පත් ආයෝජනය කර රටට මුදල් ගලා ඒමේ නව මාර්ග නිර්මාණය කළ යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කළේ ය. මේ අතර වරායේ සිරවී ඇති සියලු කිරිපිටි බහාලුම් නිදහස් කිරීමට පියවර ගෙන ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසී ය.