පරිසර ඇමති මහින්ද අමරවීරට නව තනතුරක්

පරිසර ඇමති මහින්ද අමරවීරට නව තනතුරක්

by Staff writer 07-10-2021 | 9:32 PM
COLOMBO (NEWS1ST) :  එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයේ උප සභාපති ධුරයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්ව තිබේ. පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ, අද(07) කොරියාවේ සුවොන් සිටිහි පැවැති පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම උප සභාපති ධුරය මහින්ද අමරවීර මහතාට හිමිවූ බවය. ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා පරිසර බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.