පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක්

පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක් : පුද්ගලයින් 20 දෙනෙක් මරුට

by Sagarika Chathumali 07-10-2021 | 7:31 AM

COLOMBO (NEWS1ST) :  පාකිස්ථානයේ, බලොකිස්ථාන් පළාතේ අද (07) අලුයම මැග්නිටියුඩ් ඒකක  5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ.

එරට ආපදා කළමනාකරණ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බවත් ජීවිතක්ෂයට පත් පිරිස තවත් ඉහළ යා හැකි බවත් ය. භූ චලනයත් සමග ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්  වේ. සහන කණ්ඩායම් මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, ගල් අඟුරු පතල් විශාල ප්‍රමාණයක් ඇති හර්නායි දිස්ත්‍රික්කයට භූ චලනයෙන් වැඩි බලපෑම්  සිදුව ඇති බවයි.