''තව තොරතුරු ඒමට නියමිතයි...''- එස්.එම්. මරික්කාර්

''තව තොරතුරු ඒමට නියමිතයි... ඒවත් ආවම හෙළි කරන්නම්'' - එස්. එම්. මරික්කාර්

by Staff Writer . 07-10-2021 | 10:36 PM

COLOMBO (NEWS1ST) :  පැන්ඩෝරා පත්‍රිකාවේ සදහන් මුදල් කළු සල්ලි සුදු කිරීමේ පනතත් සමග ශ්‍රී ලංකාවට ආවා ද ?

මේ පිළිබඳව සැක මතුවන බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේ ය. පැන්ඩෝරා පේපර්ස් තුළින් මතුව ඇති හිටපු ඇමැතිනි නිරුපමා රාජපක්ෂ මහත්මිය හා ඇයගේ ස්වාමිපුරුෂයාගේ එළි වී ඇති ගනුදෙනු 1994 වසරට පෙර සිදුවුවා යැයි පවසමින් මේ ආණ්ඩුව කාලය තුළ හොයපු වත්කම් නොවන බව පවසමින් මෙය යටපත් කිරීමේ කුඨ උත්සහයක් දරන බව පෙනී යන්නේ යැයි, ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''විශේෂයෙන්ම රජය උත්සහ කරනවා, මේ පැන්ඩෝරා පේපර්ස් තුළ මතුවෙලා තියෙනවා. හිටපු ඇමැතිනි නිරුපමා රාජපක්ෂ මැතිණිය හා ඇයගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් මැතිතුමා මේ එළිවෙලා තියෙන ගනුදෙනු 1994 ට පෙර සිදුවුවා යැයි ප්‍රකාශ කරමින් , මේ ආණ්ඩුව කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුව තුල හොයපු වත්කම් නෙවෙයි කියලා මේක යට ගැහිමේ කුඨ උත්සහයක් දරන බව අපිට පේනවා . මේ 94 කතාවක් දාන්නේ මොකටද? ලංකාවේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධව නීතිමය නියාමනයක් ආවේ 2006 දි. 94 ට කලින් මේක විභාග කරන්න බෑ කියලා කොමිසමක් දාලා පොඩි රැවට්ටිමේ උපායක් තමයි මේ යන්නේ ඒ වගේම තමයි දැන් මේ කළු සල්ලි දැනටමත් ලංකාවට ඇවිල්ලා ඇති .මොකද හේතුව දැන් මේ සභාවේ මිට මාසෙකට විතර කලින් කළු සල්ලි සුදු කිරිමේ පනතක් කලා .මේ හම්බ කරපු කළු සල්ලි ටික දැනට සුදු වෙලා ඇතියි කියලා අපිට සැක කරන්න පුළුවන් .මේ බොරු කොමිසම් දාලා බොරුවට රවට්ටන්න එපා. දැන් මතක තියාගන්න. හිටපු අගමැතිතුමත් මහ බැංකු බැඳුම්කර මංකොල්ලය ආවාම මේ වගේම කමිටු දාලා තමයි රවට්ටන්න හැදුවේ. අපි හිටපු ආණ්ඩුවේ .අන්තිමට කෙළවුනේ ඒකෙන් , තව තොරතුරු ඒමට නියමිතයි ඒවාත් අවාම අපි හෙළි කරන්නම්''