එක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට ගන්නැයි, නියෝග..

එක්ස්ප්‍රස්පර්ල් නැව වහාම අත්අඩංගුවට ගන්නැයි, නියෝග...

by Staff Writer . 07-10-2021 | 8:14 PM

COLOMBO (NEWS1ST) :  පසුගිය මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු තීරය තුළදී ගිනිගෙන මුහුදුබත්වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය අද (07) කොළඹ වරාය භාර හාබර් මාස්ටර්වරයාට නියෝග කළේ ය.

කොළඹ ට්‍රයිකෝ මැරි ටයිම් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබු පැමිණිල්ලක් සලකා බැලූ අංක එක වාණිජ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේ ය. තම සමාගම විසින් ඇනවුම් කළ භාණ්ඩ තොගයක් මැදපෙරදිග සිට එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බවත් ඒවා තමන් භාරයට පත්කිරීම හෝ ඒ සඳහා සිදුවූ අලාභය ගෙවීමේ වගකීම නැව හිමි නැව් සමාගම සිදුකළ යුතු බවත් තම සමාගමට සිදු වූ අමෙරිකානු ඩොලර් ලක්ෂ 6 ක අලාභය මේ දක්වා ගෙවීමට නැව් සමාගම අසමත්වී ඇති බවත් පෙත්සම්කාර සමාගම මහාධීකරණයට පෙන්වාදී තිබිණ.