ඇමති නාමල් කෙන්යා යයි

ඇමති නාමල් කෙන්යාවට..

by Sagarika Chathumali 07-10-2021 | 8:17 PM

COLOMBO (NEWS1ST) :  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කෙන්යාව බලා පිටත්ව ගොස් තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, මීට ටික වේලාවකට පෙර තමන් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත පැමිණි බවයි. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.