ආණ්ඩුවේ කුඩා පක්ෂ හිටපු ජනපති හමුවෙයි

by Staff Writer . 07-10-2021 | 9:43 PM

COLOMBO (NEWS1ST) : යුගදනවි බලාගාරය ඇතුළු රටේ සම්පත් විදේශ සමාගම් වෙත පැවරීම වැළැක්වීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් සමග වරාය විදුලිය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති සාකච්ඡාවක් කළේ ය.

මේ සාකච්ඡාව පැවැත්වුණේ, කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සාමාජිකයෝ මේ සාකච්ඡාවට එක්ව සිටියහ. මෙහිදී තීරණය වූයේ රටේ සම්පත් ආරක්ෂා කරගැනීම පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමටයි. හමුවෙන් පසු අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසවේ, ආණ්ඩුවේ උත්සායහ පරාජය කර මිසක් ඒ්කාබද්ධ ආපසු නොහැරෙන බවයි.
''ඒ අයට වැටහුණා. ආණ්ඩුව ගත්ත තීණ්දුව බරපතළ වරදක් කියලා. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නිසාම එගොල්ලන්ට පුළුවන් කමක් තිබුණේ නෑ. මේ මොහොතේ කියන්න එක හරිද වැරදි ද කියලා. මේ ආකාරයට කැබිනට් පත්‍රකා ඉදිරිපත් කරන කොට ඇමතිවරු රම්පේ කරපිංචා වගේ වෙලා ඉන්න තමයි ඉන්ඩ සිද්ද වුණේ. එකෙන්ම තේරෙනවා මේ රටට මොන තරම් අනතුරක් තියනව ද කියලා. සහතිකයි අපි මේ නායකයන්ටත් කිව්වා ඔබතුමාලා අපිට උදව් කරන්නේ නැත්තන් මේක හරවන්නේ නැත්තන් ඒක හැරවීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හරි ක්‍රියා මාර්ග ගන්නවා කියන එක සහතිකයි. ආණ්ඩුව ගත්ත තැත පරාජය කරලා මිසක් මේ එකාබද්ධ සන්ධානය ආපහු හැරෙන්නේ නැත''
ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරාම අපි ඔවුන්ට කිව්වා අපි අතර අභ්‍යන්තර සාකඡ්චාවක් කරලා ඒ පිළිබඳ අපි තිරණයකට ඇවිල්ලා ඔවුන් සමග යළි සකඡ්චා කරන්නනම් කියලා''
මාධ්‍යවේදී ප්‍රශ්නය : ඔබතුමා කියන්නේ රජය සතු දේපළ විකුණන්නෙම නෑ කියන කාරණයද ? ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසූ මෙම පැනයට එහිදී ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණු නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
''විකිණිය යුතු නෑ. රජය සතු දේපළ විකිණිය යුතු නෑ. රජයේ ජාතික සම්පත් ජාතික ආරක්ෂාවේ කොටසක් ඇමරිකාවට අයිති යම්කිසි ආර්ථික මධ්‍යස්ථානයක් හෝ ආර්ථික කලාපයක් තියනවා නම්, එකට එගොල්ලෝ යුධ බලට යොදලා ඒක ආරක්ෂා කරනවා. ඇයි එක එගොල්ලන්ගේ ජාතික අයිතියේ කොටසක් . එවැනි අදහසක අපි ඉන්නේ. අපි ඒ අදහසේ හිටියට තවත් අය තවත් අදහස් දරන්න පුළුවන්. එතනදී අදහස්වල නොගැළපීම් ඇති වෙනවා. ඇති වෙලා ඊ ළඟට විවාදයන් ඇති වෙනවා. ගෑස් සැපයීමේ ගිවිසුම ගැන අපි අපේ වෙනස් මත අපේ නිරික්ෂණවලින් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයට බල තුළනය කියලා එකක් තියනවා නේ ඉතිං මේ බල තුලනය අපිට තවම අපේ පැත්තට බර කර ගන්න බැරි වෙලා තියනවා''
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ප්‍රශ්නවලින් රට ගොඩ ගන්නේ කෙසේ ද? සහ ඒ සඳහා සැලැස්මක් සකසා ගන්නේ කෙසේ ද යන කරුණ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම රජය සමග සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
''අපි හිතන්නට ඕන අපි රට මෙතනින් ගොඩ ගන්නේ කොහොමද කියන කාරණාව එහෙම නැත්තන් මේ ආණ්ඩු බලයක් හෝ ආණ්ඩු පෙරලීම වගේ විරෝධතා නෙවේයි. අපි බලා පොරොත්තු වෙන්නේ මෙ තිබෙන ප්‍රශ්නවලින් රට ගොඩ ගන්නේ කොහොමද ඒ සඳහා සැලැස්මක් හදා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම අපි රජය එක්කත් සකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙන්නේ''