by Staff Writer . 07-10-2021 | 7:26 PM
COLOMBO (NEWS1ST) : නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
ඒ, අද පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති වීඩියෝ සංවාදයකට එක්වෙමිනි.
කොවිඩ් වසංගතයත් සමග වසර දෙකකදී සියලු අංශවල සිදුවූ පසුබෑම ජයගත යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.
කෘෂිකර්මාන්තය මූලික කරගත් 70% ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයේ මූලික අරමුණකි.
ඒ වෙනුවෙන් කාබනික පොහොර ප්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක් සකස් කිරීමේ අභියෝගය ජය ගත යුතු බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ ය.
පොසිල ඉන්ධන හා ගල් අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තියට නැඹුරුවීම ,සංචාරක කර්මාන්තය යළි නැංවීම සහ ආයෝජන ශක්තිමත් කිරීම, සෙසු අභියෝග අතරට අයත් ය.
එම ඉලක්ක සපුරා ගැනීමට බාධා වන අදට නොගැළපෙන චක්‍රලේඛ සහ අණ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට පෙන්වා දුන්නේ ය.