Pandora Papers : ස්වාධීන හා ලොව පිළිගත් පරීක්ෂණයක් අවශ්‍යයි - විපක්ෂ නායක

by Staff Writer . 06-10-2021 | 11:08 PM

COLOMBO (NEWS1ST) :  පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් ශ්‍රී ලංකාවට අදාළ තොරතුරු ගැන ස්වාධීන හා ලොව පිළිගත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂ නායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියේ ය.

විපක්ෂ නායකවරයා යෝජනා කර සිටියේ, ස්කොට්ලන්ඩ් යාඩ් වැනි පරීක්ෂණ කණ්ඩායමක් හෝ වෙනත් ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති පරීක්ෂණ ආයතනයක් හරහා විනිවිදභාවයෙන් යුක්ත පරික්ෂණයක් සිදු කර සත්‍ය රටට හෙළි කරන ලෙසයි.
''මේ වංචාවට සම්බන්ධ සියලුම දෙනා එක මිටට හෙළිදරව් කළ යුතුයි. අපරාධය පිළිබඳව ගණන් හිලව් හෙළිදරව් වන විට අපේ රට සමහර රටවලින් ගන්නා ණය මුදලටත් වැඩිය මුදල් වංචාවක් සිදුවෙලා තියෙනවා කියන එක හෙළිදරව් වෙනවා. අපිට අවශ්‍ය විනිවිදභාවයෙන් යුක්තව අපක්ෂපාති පරික්ෂණයක්. පැන්ඩෝරා වංචනිකයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලියේ ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ සඳහා මම මම යෝජනා කරනවා. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙන පරීක්ෂණ කණ්ඩායම් ස්කොට්ලන්ඩ් යාඩ් හෝ වේවා වෙනත් ජාත්‍යන්තර පරික්ෂණ ආයතන ලොව පිළිගත් ආයතනය හෝ වේවා විනිවිදභාවයෙන් යුක්ත පරික්ෂණයක් පවත්වන්න සත්‍ය රටට හෙළි කරන්න කියලා මා යෝජනා කරනවා''