තායිවානයට චීනයෙන් තර්ජන

ස්වාධීනව නැගී සිටීමට උත්සහ කරන තායිවානයට චීනයෙන් තර්ජන

by Staff Writer . 06-10-2021 | 10:06 PM

COLOMBO (NEWS1ST) : වසර 40ක කාලයක් පුරා තායිවානය හා චීනය අතර පැවති ගැටලුකාරී තත්ත්වය මේ වන විට භයානකම අවස්ථාවට පැමිණ ඇතැයි, තායිවාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

දින 4 ක් තුළ චීන ප්‍රහාරක ජෙට් යානා 149 ක් තායිවානය ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළුවීමත් සමග මෙම තත්ත්වය උත්සන්න වී තිබේ. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩක් නිකුත් කරමින් තායිවාන රජය කියා ඇත්තේ චීනය දැඩි ලෙස ඔවුන්ට තර්ජනය කරන බවක් දක්නට පෙනෙන්නට ඇති බවයි තායිවාන ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ 2025 වසර වන විට තායිනාවනය චීනයේ සම්පූර්ණ පාලනයට යටත් වීමේ අවදානමක් ද මේ වනවිට මතුවෙමින් ඇති බවයි. තායිවානය හා චීනය අතර පවතින ගැටලුකාරී තත්ත්වය දිනෙන් දින ඉහළ යද්දී , අමෙරිකාව තායිවානයට සහය පළ කිරීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.