යූරෝපා සංගමයේ  GSP+ නිරීක්ෂණ චාරිකාව අවසන්

යූරෝපා සංගමය මෙරට සිදු කළ GSP+ නිරීක්ෂණ චාරිකාව අවසන්

by Staff Writer . 06-10-2021 | 10:26 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකාවට යුරෝපා වෙළඳපොළට පිවිසීමට ඇති ප්‍රධානතම ප්‍රවේශය ජාත්‍යන්තර සම්මූතින් සාර්ථකව ක්‍රියාවට නැංවීම බව GSP+ ප්ලස් ප්‍රතිලාභ ලබා දීම ගැන අධ්‍යයනයක නිරත වූ යූරෝපා සංගම් නියෝජිතයන් නිවේදනයක් මගින් ප්‍රකාශ කරයි.

යුරෝපා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සිටි දින 10 තුළ ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් විපක්ෂයේ දේශපාලන නියෝජිකයින් මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ නියෝජිතයින් හමු විය. මානව අයිකිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය ගැන දූත පිරිසේ වැඩි අවධානය යොමු වූ බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක් කිරීමට ශ්‍රී ලංකාව ලබා දුන් පොරොන්දුව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී තිබේ. පහළ මැදි ආදායම්ලාභි රටවල අපනයන නිෂ්පාදන සඳහා යුරෝපා රටවල ආනයන බදු ඉවත් කිරීමට ක්‍රියාත්මක වෙළඳ ගිවිසුම වෙන GSP+ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමි වන්නේ මෙම අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගනයි.