මේ මොහොතේ වරදක් කළොත් ප්‍රතිඵලය සති දෙකකින් - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

by Sagarika Chathumali 06-10-2021 | 7:11 PM

COLOMBO (NEWS1ST) :  තවදුරටත් දෛනික කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා වාර්තාවීම මෙන්ම මරණ 40 ත් 50 ත් අතර මරණ සංඛ්‍යාවක් වාර්තාවීම කිසි සේත්ම සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දරුණු තත්ත්වයක සිට මේ දක්වා ළඟා කර ගත් දේ ආපසු හැරවීමට ඉඩකඩ නොතබන ලෙසයි. තව ද මේ මොහොතේ සිදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සහ රෝගය පැතිරී යන ආකාරයට හැසිරුණ හොත් එහි ප්‍රතිපල විඳීමට සිදු වන්නේ, තවත් සති 2 ක 3 කට පසුව බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේ ය.