භූගත ජල ටැංකියකට වැටීමෙන් අයෙකු මරුට

භූගත ජල ටැංකියකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට

by Staff Writer . 06-10-2021 | 6:09 PM

COLOMBO (News 1st) - කෑගල්ල, මීපිටිය භූගත ජල ටැංකියකට වැටීමෙන් මුරකරුවෙකු මියගොස් තිබේ.

මිය ගියේ, කෑගල්ල මාදෙයියාව මාර්ගයේ විසූ එන්, සෙනෙවිරත්න නැමැති 74 හැවිරිදි තිදරු පියෙකි . දේහය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කොට තිබේ.