by Sagarika Chathumali 06-10-2021 | 9:21 PM
COLOMBO (NEWS1ST) : බේරුවල, අලුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (7) උදෑසන 8.00 සිට පසුදින අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගානගරය, බෙන්තර , කළුවාමෝදර පිළමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ඇති.
ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.