NEWS JUST IN : පැන්ඩෝරා පත්‍රිකාවල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්න.. ජනපතිගෙන් අල්ලස් කොමිසමට උපදෙස්

NEWS JUST IN : පැන්ඩෝරා පත්‍රිකාවල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්න.. ජනපතිගෙන් අල්ලස් කොමිසමට උපදෙස්

කර්තෘ Sagarika Chathumali

06 Oct, 2021 | 10:38 am

COLOMBO (NEWS1ST) :   ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ ‘Pandora Papers’ නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසුවේ, මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (6) උදෑසන උපදෙස් දුන් බවයි.

මේ අතර අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මේ පිළිබඳ අදහස් පළ කෙරිණ.

එහි දී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, ජනාධිපතිරවයා මේ සම්බන්ධ අද උදෑසන ක්ෂණික, ප්‍රශංසනීය තීන්දුවක් ගනු ලැබූ බවයි.

තවද ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවත් නිකුත් වී ඇති පත්‍රිකා තුළ ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරන කිසිදු දේශපාලනඥයෙකුට ඇගිල්ල දිගු වී නැති බව ත් එහිදී සාකච්ඡා වූ බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]