JUST IN : සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ 21 සිට ඇරඹේ

by Staff Writer . 05-10-2021 | 5:32 PM

COLOMBO (NEWS1ST) :  සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 21 වැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පළමු අදියරේදී පාසල් 3,000 ක් විවෘත කරන බවයි.