පාසල් ආරම්භ කිරීමට සැලසුම්..

ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට සැලසුම්..

by Staff Writer . 05-10-2021 | 10:03 AM

COLOMBO (News 1st ) - ප්‍රාථමික පාසල් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යළි විවෘත කිරිම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ළමුන් 200 ට අඩු පාසල් එලෙස ආරම්භ කිරිමට අවධානය යොමුව ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් පාසල් විවෘත කිරිමට මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, පාසල් ආරම්භ කරන දින වකවානු, ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනු ඇති.