COLOMBO (NEWS1ST) : මහ කන්නයේ හිඟයකින් තොරව පොහොර දීමට අවශ්‍ය වුවහොත් ඉන්දියාවෙන් ගුවනින් පොහොර ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
සමගි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ශ්‍රී ලංකාවේ දැනට නිෂ්පාදනය වන පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කරන ලෙස සහ ආනයනික පොහොර ප්‍රමාද වුවහොත් මහ කන්නයට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.
ඊට පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසුවේ, චීනයෙන් පොහොර ආනයනය නැවතීම මත එළඹෙන මහ කන්නයට කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවයි.
''අපි චීනයෙන් ආනයනය කරන්න බලාපොරොත්තු වුණේ, නයිට්‍රජන් නිෂ්කාරකයක් මේක බුස්ටර් එකක්. එතකොට අපි එළඹෙන මහ ක්නනයට අවශය කාබනික පෙහොර ජෛව දියර පොහොර පොටෑසියම් ක්ලෝරයිඩ් 10 වැනිදා නැව එනවා. ඒවගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පොහොර වර්ග 3 සුදානම්. එළඹෙන මහ කන්නය පටන් ගන්නේ ඔක්තෝබර් 15 අම්පාරෙන් අපි 12 වෙනිදා ඉදලා මේ සියලුම පොහොර ගෙවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හරිනවා. අපි දැනට ඉන්දියාවත් එක්ක කථා කරනවා. නැනෝ නයිට්‍රජන් එකක් ආනයනය කරන්න. අපිට ප්‍රමාද වුණොත් එයාර් ප්‍රේට් හරි ගෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ නිසා කිසිදු හිඟයකින් තොරව එළඹෙන මහ කන්නය වෙනකොට පොහාර ටික දෙනවා. ගරු මන්ත්‍රීතුමා අද උදේ ප්ලාන්ට් කොරන්ටයින් එකෙන් ඉන්දියාවේ ප්‍රෝඩක්ට් ඔක්කෝම පාස් වෙලා තිබුණා. ඒවා ටික මේරටේ පාවිච්චි කරන්න පුළුවන් කියලා ලැබ් රිපෝට් ලැබිලා තිබුණා. ඒ නිසා එයාර් ප්‍රේට් හරි අපි 15වැනිදා කලින් ගෙන්නාගන්න තමයි උත්සහ කරන්නේ''
මේ අතර මෙම සංවාදයට එක්වෙමින් රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ප්‍රශ්න කර සිටියේ, චීනයෙන් ගෙනා පොහොර සාම්පලවල බැක්ටීරියාවලට අමතරව මිනිස් සිරුරට අහිතකර පලිබෝධ තිබුණේ ද යන්න පිළිබඳවයි.
''ඉතිහාසය දන්න අපිට චීනයෙන් ගෙන මේ කාබනික කියන පෙහොරවල එහේම නැතිනම් කින්ඩාවෝ කියන සමාගමෙන් ගේන පොහොරවල ක්ෂ්ද්‍රජිවින් විතරක් නෙවෙයි පලිබෝදකයෝ කොච්චර ඉන්නවාද? මොකද චීනය කියන්නේ ජනගහනය අධික ප්‍රදේශයක් බැරලෝහ සඳහා කාර්මික ආයතනයට සාම්පල් ලබා දීමක් සිද්ධ කරන්න ඕනේ. මේ ඉහත කියපු දේවල් සොයාගන්නට පරීක්ෂණ කරලා තියෙනවාද එහෙම නම්, ඒ වාර්තා ඉදිරිපත් කරන්න''
මන්ත්‍රීවරියට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, තමන් කෘෂිකර්ම ඇමතිවරයාව සිටින කාලය තුළ මේ කිසිදු දෙයකට හානි කරන කිසිදු දෙයක් රට තුළට නොගෙනෙන බවයි.
''ප්‍රමිති ආයතනය හදලා තියෙන ස්ටෑන්ඩඩ් වලට අපිට මනුස්ස සත්ව ශාක සදහා හානියක් වෙන බැක්ටිරියා කිසිදු දෙයක් අපිට ගෙන්න බැහැ අපි බැරලෝහ අනිවාර්යයෙන් බලනවා මට ඔබතුමියට කියන්න තියෙන්නේ මම කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් ඉන්න කාලය තුළ මේ කිසිදු දෙයකට හානි කරන කිසිදු දෙයක් අපි ගෙන්නේ නැහැ''
මන්ත්‍රීවරිය තමන් ඇසූ පැනයට පිළිතුරු නොලැබුණ බව පැවසීමත් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා නැගී සිට මෙලෙස මන්ත්‍රීවරියට පිළිතුරු දුන්නේ ය.
''දැනට අර්විනියා සහ බැසිලස් වර්ගයේ බැක්ටිරියා තියෙනවා කියන සැකය තියෙනවා. අර්විනියා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඔබතුමිය කියන පරීක්ෂාව මට කරන්න බැහැ. මේ රටේ නීතියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය අහන්නකෝ''
කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කවිරත්න මන්ත්‍රීවරිය අතර තවදුරටත් ඇති වූ සංවාදය මෙසේයි.
මන්ත්‍රීනි රෝහිණි කවිරත්න : ඒ වාර්තා දෙක නෙවෙයි තුනම තියෙන්නේ එකක තියෙවා. මනුෂ්‍ය ශරිරයට හානිකර බැක්ටිරියා හෝ එවැනි දෙයක් තියෙනවාද අනික් එකේ හොයලා තියෙන්නේ ශාකවලට තියෙනවාද කියලා. නමුත් ඒවායේ කොතනවත් බැරලෝහ තියෙනවා කියන එකවත් එහේම නැතිනම් පලිභෝදනාශක ඉන්නවා කියන එකවත් එහේම නැතිනම් විකිරණශිලි ද්‍රව්‍ය තියනවාද කියන එකවත් මට අහුවුනේ නැහැ. මම සතුටු වෙනවා. ඔබතුමාට මට ඒක දෙන්න පුළුවන් නම් විදයාත්මක පිළිගැනීමක් ඇතුව.
ඇමති මහින්දානන්ද : ලැබ් එකේද වැඩකරන්නේ?
මන්ත්‍රීනි රෝහිණි කවිරත්න : ලැබ් එකේ හරි කොහෝම හරි වැඩකරලා හරි ඇමතිතුමා රටට ඕනේ දේ දැනගෙන තියනවා.රයිට්. පරික්ෂන වාර්තා ෆේල් වෙච්ච නිසා නැව හරවලා ගියා කියලා කියනවා. ආයි ආරංචියක් තියෙනවා ඇමතිතුමා දින 10 ක් ඇතුළත ඒ සමාගමෙන්ම ඒ පොහොරම නැවත එනවා කියලා මම ඔබතුමාගෙන් කියන්නේ මේ වහින වෙලාව බොරු නම් කියන්න එපා හෙන ගහයි ඇත්තම කියන්න මේ පොහොර ඒ සමාගමෙන් ගේනවාද නැද්ද?
ඇමති මහින්දානන්ද : මම වැස්ස වෙලාවේ කියන්නේ ඔබතුමියටත් හෙනගහයි අරවගේ ලියුම් ලියන්න එපා. අර චීනයෙන් කැලි කසල ගෙනාවා කියලා ලියුමක් ලිව්වේ ඒ නිසා හෙනගහන දේවල් කලේ අපි නෙවෙයි. ඇමතිවරයා හැටියට ලැබ් රිපෝට් එකේ ඔෆිෂියල් එකේ කියනවා බැරලෝහ නැහැ මනුස්සයට... ඔබතුමියගේ තියෙනවාලු ඒක තමුන්නාසේලාගේ සජබ කාර්යාලයේ හදපු පරික්ෂණයක් ගාරයක් වෙන්න ඇති.