ජපාන - ශ්‍රී ලංකා යුද අභ්‍යාසය සාර්ථකව අවසන්..

ජපාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව අවසන්..

by Staff Writer . 05-10-2021 | 4:57 PM

COLOMBO (News 1st) - පසුගිය 02 වැනි දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ජේ.එස්. කාගා යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සාගර නෞකාව මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා එක්විය.

මෙම යුද අභ්‍යාසය මගින් දෙරටේ සබඳතාවය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම මෙන්ම ආපදා සහන මෙහෙ‍යුම් සිදු කිරීමේදී ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීම පිළිබදව අභ්‍යාස කර තිබේ ඒ අනුව, මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය තුළදී සෙවීම් සහ මුදවා ගැනීම් , නෞකා පෙළ හැඩ ගමන් කිරීම ,, නෞකා අතර දුර පවත්වාගෙන යාම , නෞකා පෙළ ගුවන් ඡායාරූපකරණය ඇතුළු නාවික අභ්‍යාසයන් පවත්වා ඇති අතර ඒ සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායේ ‘KAGA’නෞකාවට අයත් H 60 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද එක් වී තිබිණි ඒකාබද්ධ නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් ‘KAGA’ සහ ‘MURASAME’ නෞකාවන් වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහිදී ආචාර දැක්වීම ද සිදු කෙරුණේය