by Staff Writer . 05-10-2021 | 10:10 PM
COLOMBO (NEWS1ST) : අඹන්පොළ ග්‍රාම නිලධාරිවරයා මහමග ඝාතනය කළේ කවු ද?
සැක හිතෙන කාරණා දෙකක් තිබිණ.
වාහනයකට යට කළා ද? ආයුධයකින් කැපුවා ද?
කෙසේ වෙතත් පැය 24 ක් ගෙවී යාමට මත්තෙන් ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ ඝාතන සැලසුම්කරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.
සැකකරුගේ පාපොච්චාරණයට අනුව ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බව හෙළි වී තිබේ.
දුම්රිය ස්ථානාධිපතිගේ බිරිඳ හා සම්බන්ධ මෙම ඉඩම් ආරවුල විසඳීමට ග්‍රාම නිලධාරි මැදිහත් වී සිට ඇති අතර ආරවුලට අදාළ වාසිය තිබී ඇත්තේ, අනෙක් පාර්ශවයටයි.
ග්‍රම නිලධාරීවරයා ඝාතනය කිරීම සඳහා සැකකරු පෙළඹී ඇත්තේ එම හේතුව මතයි.
ඝාතන සැලසුම වෙනුවෙන් රුපියල් 70,000 ක මුදලක් ලබා ගත් ඝාතකයින් තිදෙනා ඝාතනය සඳහා පැමිණ ඇත්තේ, කුළියට ගත් වාහනයකිනි.
මේ වනවිට සැකකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රු. 70 000 ක් ගෙවා තරහා පිරිමහන්න ගත් උත්සාහය කෙළවර වුණේ ජීවිතයක් මහමඟ විනාශ කරමිනි.