by Staff Writer . 04-10-2021 | 7:15 PM
COLOMBO (NEWS1ST) : පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණ කළ තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැන්ඩෝරා ආයතනය හෙළි කළ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ පොදු සම්පත් අවභාවිතය මගින් උපයාගත් මුදල් දැයි සොයා බැලීමට පුළුල් අභයන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.