රැඳවියන් බැලීමට අමුත්තන්ට අවසර

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට යළි අවසර

by Staff Writer . 04-10-2021 | 10:09 AM

COLOMBO (News 1st) - බන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමිවේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන බවය. සැකකරුවන් සඳහා අමුත්තන් හමුවීමට සතියකට එක් වරක් අවස්ථාව ලබා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය අගෝස්තු 07 වැනිදා සිට බන්ධනාගාරගත රැඳවියන්ට පිටතින් පැමිණෙන ඥාතීන් හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ ය . කෙසේවෙතත් හැකිතාක් දුරට E-visit ක්‍රමය හරහා අමුතන් බැලීම සිදු කරන්නැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.